Colombo Today Local News

බස්නාහිර තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

බස්නාහිර පළාත තුළ වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ ඊට අදාල පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන්.

ඒ අනුව, මේ මස 27 වැනි බදාදා සිට ඔක්තෝබර් 2 වැනි සඳුදා වන තෙක් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවනු ඇති.

එම කාලය තුළ කල් ඉකුත් වන අදායම් බලපත්‍ර ඔක්තෝබර් 10 වැනි දා දක්වා දඩ මුදලකින් තොරව නැවත ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව බස්නාහිර පළාත් මාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් චම්පා එන් පෙරේරා මහතා සඳහන් කරයි.

මේ අතර මාර්ගගත ක්‍රමයට වාහන අදායම් බලපත්‍ර ලබා ගැනීමේ කටයුතු ද ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් 6 වැනි දා දක්වා අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

Related posts

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Admin

ගෝඨාට ඇමරිකාව අකමැති බව කිවුවේ නෑ…මාධ්‍යවල පළවන කතා බොරු. විශේෂ නිවේදනය මෙන්න

colombotoday

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් ස්ථිර සේවකයින් නොවේ – රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

colombotoday

නව සෞඛ්‍ය ලේකම් වැඩ භාරගනී

Admin

පොලිස් නිලධාරින් හප්පා පලාගිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට

colombotoday

පොලිස්පතිට “සර්“ ගෙන් ආ ඇමතුම ගැන අගමැති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

colombotoday