Colombo Today Local News

තත්ත්වයෙන් බාල පළිබෝධ නාශක වික්කොත් බලපත්‍ර අහෝසී…

තත්ත්වයෙන් බාල පළිබෝධ නාශක සපයන සමාගම් වල බලපත් අහෝසි කර එම සමාගම් අසාදු ලේඛන ගත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කිසියම් සමාගමක් විසින් ගොවීන්ට සපයන පළිබෝධ නාශක තත්ත්වයෙන් බාල නම් එම සමාගම්වලට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සාදහන් කළේය.

ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ දිස්ත්‍රික් සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍යවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත.

ඇතැම් සමාගම් වලින් ඉහල මිලක් ගෙවා ගත් පලිබෝධ නාශක වලින් වල් මර්දනයේ දී හා කෘමි මර්දනයේ දී නිසි ප්‍රතිඵල ලබා දීමට අපොහොසත් වූ බවත් ඒවා බාල තත්වයේ පවතින බවත් ගොවි නියෝජිතයෝ කෘෂිකර්ම අමාත්‍යවරයාට පැවසූහ.

ගොවීන්ගේ ඉල්ලීම් වලට පිලිතුරු දුන් අමාත්‍යවරයා කිසියම් සමාගමක් මගින් අලෙවි කරන පළිබෝධ නාශක තත්ත්වයෙන් බාල බවට හැඟී ගියහොත් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පලිබෝධ නාශක ලේකම් කාර්යාලයට දැනුම් දෙන ලෙස පැවසීය.

මෙම මහ කන්නයේ දී ගොවිජන සේවා මධ්‍යස්ථාන වලිනුත් පලිබෝධ නාශක බෙදාහැරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බවද ඒ අනුව, තත්ත්වයෙන් ඉහල පළිබෝධ නාශක ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් ලබා ගැනීමට ගොවීන්ට අවස්ථාව ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් නොදුන්නොත් ලොකු ප්‍රශ්න ඇති වෙයි.. TNA තර්ජණය කරයි

colombotoday

පැය 24ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවේ

colombotoday

පරාක්‍රමබාහු රජුට එරෙහිව හම්බන්තොට සුගලා කැරළි ගැහුවා.. අද වෙන්නෙත් ඒකමයි – අගමැති

colombotoday

චෛත්‍යයක නැග ඡායාරූප ගත් තිහාරියේ මද්‍රසා පාසලේ මුස්ලිම් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

“මම දන්නෙත් නෑ.. හමුවෙලත් නෑ” – බැදුම්කර රහස් වාර්තාවේ නම කියවුණු ඇමති දැන් කියන දේ

colombotoday

නුවරඑලියේ වෙලදසැල් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවට – වෙළඳුන් රැසකට දැඩි අවවාද.

colombotoday