Colombo Today Local News

අරගලයේදී නිවාස හානිවූ ඇමතිවරුන්ට වන්දි දෙනවානම් බස්වලටත් වන්දි ඉල්ලයි

අරගලය සමයේදී නිවාස හානිවූ ඇමතිවරුන්ට වන්දි ලබාදෙන්නේ නම් මැයි මස 09 වනදා ගිනිබත්වූ බස්රථවලට ද වන්දි ලබාදිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ…

“පෞද්ගලික බස් රථ 50කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම අළු දූවිලි වුණා. තවත් බස් 50ක් විතර අර්ධ වශයෙන් විනාශ වුණා. රක්ෂණයෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් නැහැ. මැති ඇමතිවරුන්ට වන්දි ලබාගන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා කොටසකට හරි. නමුත් අපේ බස් රථ හිමිකරුවන් කොටසකටවත් මේක ලැබුණේ නැහැ. බස් රථයකට මිලියන 10ක් ගානේ බස් රථ 50කට වෙන්නේ මිලියන 500යි. ලොකු ගාණක් නෙමෙයි.”

Related posts

ටෙන්ඩර් මගඩියක්… ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනතුරේ…

colombotoday

නරක් වූ පුවක් තොගයක් යවලා… සනත් ජයසූරියට මුම්බායි අධිකරණයෙන් වරෙන්තු

colombotoday

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව අදත් විශ්වාසභංගයක් සම්මත කළා – චම්පික රණවක

colombotoday

කොළඹ – නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් නැවත දනුම් දෙනතුරු වසා දැමේ

colombotoday

බ්‍රිතාන්‍ය සතු සිංහල පුස්කොළපොත් අත්පිටපත් ඩිජිටල්කරණය කෙරේ

Admin

ශ්‍රී ලංකා ජපාන අගමැතිවරුන් අතර ද්විපාර්ශික සාකච්ඡාව අද (04)

colombotoday