Colombo Today Local News

මෛත්‍රීගේ චෝදනා පත්‍රය ක්‍රියාත්මක වීම අධිකණය තහනම් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ චෝදනා පත්‍රය ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

තම සේවාදායකයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවත් ඊට අදාළව නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ලිපියක් නිකුත් කර ඇති බවත් එවැනි ලිපියක් යොමු කිරීමට පක්ෂයේ සභාපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවෙන් බලයක් නොමැති බවත් දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරුවරයා අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

Related posts

ඇගිලි සලකුණු ගන්න පොලීසියට අමතක වෙලා ! හමුදා නිලධාරියාගේ සිරුර යළි ගොඩ ගනී

colombotoday

කෑමට නුසුදුසු මිරිස් කන්ටේනර් 40ක් හරවා යවයි…

Admin

උණුසුම මැද ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණේ

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනට බාධා

Admin

facebook පෙමක පැටලනු කන්තලේ තරුණියක් අභිරහස් ලෙස මියයයි

colombotoday

කොතලාවල නිවසක් තුල තිබී කාන්තා මල සිරුරක් හමුවේ

Admin