Colombo Today Local News

වෙඩික්කරුවෙකුට නවාතැන් දුන් බන්ධනාගාර සැරයන් අත්අඩංගුවට

ගලපිටමඩ දුනුමාල හංදිය ප්‍රදේශයේ දී ඉකුත් ජුලි මස 14දින පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුට නිවසේ නවාතැන් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර සැරයන්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු එහි සැකකරු වන “චතුවා” නමැත්තාහට බන්ධනාගාර සැරයන්වරයා රාජගිරියේ පිහිටි ඔහුගේ තෙමහල් නිවසේ දෙවන මහලේ නවාතැන් ලබා දී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් චතුවා නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ප්‍රශ්න කිරීමේදී බව හෙළිකර ඇත.

ඒ අනුව, අපරාධ කරුවන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිවසේ අපරාධකරුවන් රැසක් මෙහි නවාතැන් ගෙන සිටි බවට සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ.

Related posts

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කැති ප්‍රහාරයක්

colombotoday

පොලිසිය සමාව ඉල්ලයි…

colombotoday

වැඩ තහනම්වූ බන්ධනාගාර නිලධාරීන්ට වෙන්න යන දේ…

colombotoday

ඩොලරය තවත් පහළට

Admin

සන්නස්ගලට නොතීසි

colombotoday

ඇමතිලාගේ, කාර්ය මණ්ඩලයේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday