Colombo Today Local News

දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්..

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (20) දිනයේ මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේත් මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන්.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමග ගාල්ල, කලුතර, කෑගල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්කවලට නායයාම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

Related posts

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදන බල රහිත කෙරේ

colombotoday

පාසල්වල විෂමාචාර නවත්වන්න සමාජ බුද්ධි ඒකකයක්

Admin

ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක මොහාන් සමරණායක !

colombotoday

සමාජ මාධ්‍යයෙන් සාමයට බාධා කර සමාජය කැළඹූ බවට චෝදනා පිට පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

colombotoday

බත් කෑම මාරාන්තිකයි – විල්පත්තු පාළුවාගේ ගෝලයෝ ගුල්ලොත් එක්ක හාල් විකුණයි

colombotoday