Colombo Today Local News

“නඩු දාන්න කියලා නිර්දේශ කරලා තියෙනවා.. එයා කොහොමද අපිට දැනමුතුකම් දෙන්නේ”

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම නඩු දාන්නැයි ජනාධිපති කොමිෂන් සභාවෙන් නියෝග කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා මන්ත්‍රීවරුන්ට දැනමුතුකම් දීමට පැමිණෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (19)දින ප්‍රශ්න කළේය.

එවැනි නිර්දේශයක් තිබියදී ඔහුට රජය උසස්වීම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.

කිරිඇල්ල මහතා මෙසේ පැවැසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී කතානායකවරයාගේ අවසර ඇතිව ප්‍රකාශයක් කරමිනි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට වහාම නඩු දාන්න කියලා ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කරලා තියෙනවා. ඒත් රජය එයාට උසස්වීම් දුන්නා. එහෙම කෙනෙක් අද අපිට උපදෙස් දෙන්න එනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා:

වැරදි අවබෝධයක් රටට දෙන්න හදනවා. මේක දැනුවත් කිරීමේ වැඩසටහනක්. ඔය කියන කාරණාවත් එතනදි අහන්න පුළුවන්. එතකොට ඒක නිවැරදි කරගන්න පුළුවන්. මෙතුමාලගේ කාලෙ තමයි ඔය ප්‍රහාරය සිද්ධ වුණේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා

මෙම වැඩසටහන සඳහා සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දෙනවා.

Related posts

මාතලේ පොළ වසා දමයි

colombotoday

සේවාවට බාධාවක් නම් වැඩ තහනම් කරන්න ඇමති කංචනගෙන් උපදෙස්

Admin

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

Admin

“ක්‍රිකට් හොරු ගැන එන සතියේ හෙළිකරනවා.. රටම පුදුම කරනවා” – රන්ජන්

colombotoday

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් අවහිර කිරීමෙන් සහ අලාභානි කිරීමෙන් වළකින්න

colombotoday

Hand job OK… රන්ජන් – ටීනා ෂනෙල් හඩපට එළියට !

colombotoday