Colombo Today Local News

මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ සිටි පී.සී ට පිහිපහරක්

බම්බලපිටිය ෆොන්සේකා පාර පිහිටි අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ ආරක්ෂාවට යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයා ට පුද්ගලයකු තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.

එම නිල නිවසට යාබදව නවතා තිබූ රථයක යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පැති කණ්නාඩි ගලවමින් සිටියදී එම ශබ්දය ඇසී පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයට ගිය අවස්ථාවේ සැකකරුවන් පලා යාමට උත්සාහ ගෙන ඇති බවත් එක් සැකකරුවෙක් විසින් පොලිස් කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් ඇන පලා ගොස් ඇත.

මෙම ප්‍රහාරයෙන් කොස්තාපල්වරයාගේ දකුණු අත කැපීම් තුවාල සිදුව ඇති බවත් ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවත් පොලිසිය සඳහන් ක‍රයි.

Related posts

ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනයට රජය තීරණය කරයි

colombotoday

වැඩි කළ VAT අද සිට අත්හිටුවන්න, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

colombotoday

ඉන්ධන නැතිව පිරවුම් හල් වැසෙයි

colombotoday

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටෙයි

Admin

මන්ත්‍රී උපාලි කොඩිකාර අත්අඩංගුවට

colombotoday

“21 සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක නොකිරීම අපහාසයක්”

Admin