Colombo Today Local News

යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගැන තීරණයක්

යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ වැන්දඹු බිරින්දෑවරුන්ට ඔවුන්ගේ ජීවිතාන්තය දක්වා හිමි දීමනා ලබාදීමට තීරණය කර තිබේ.

අදාළ හමුදා සාමාජිකයා වයස 55ට පෙර අබාධිත තත්ත්වයේ සෘජු ප්‍රථිඵලයක් ලෙස මියගිය බවට වෛද්‍ය මණ්ඩලයක් විසින් තහවුරු කරන්නේ නම් ඔහුට හිමි වැටුප් හා දීමනා වැන්දඹුව වෙත හිමි වන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

එලෙස තහවුරු කළ නොහැකි පිරිස් සඳහා සියලු දිමනා හිමි නොවන අතර වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප පමණක් හිමි වන බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙම තත්ත්වය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින වැන්දඹුවන් ඉදිරිපත් කළ ඉල්ලිම් සලකා බලා ඔවුන් වෙත සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඇතැම් පාර්ශව විසින් මෙම දීමනා ලබා ගැනීම සම්බන්ධයෙන් ආබාධිත හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කරන අවස්ථා පිළිබඳ නිරීක්ෂණ වී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ

colombotoday

තුවාල සහිත මළ සිරුරක් නැඳුන්ගමුව නිවසකින් හමුවෙයි

Admin

අද සිට අතුරු මාර්ගවල පොලිස් මෙහෙයුම්

colombotoday

සිවිල් ගුවන් සේවා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

සරණාගතයන් කියාගෙන ආ තවත් පාකිස්ථානුවන් 13ක් කටුනායකින් මෙරටට ඇතුල් වේ !!

colombotoday