Colombo Today Local News

අලි සබ්රි රහීම් ට පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කමිටු තහනම්

රුපියල් කෝටි අටකට ආසන්න වටිනා රත්රන් සහ ජංගම දුරකතන තොගයක් ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 75ක දඩයක් නියමවු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවේ ඔහු නියෝජනය කරන සියලුම කමිටුවලින්ද ඉවත් කරන ලෙසට වූ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කතානායකවරයාට පසුගියදා බාර දුන්නේය.

එම යෝජනාවද පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා කර ඇති විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට විමර්ශනයක් සඳහා යොමු කර ඇති හෙයින් මන්ත්‍රීවරයා කාරක සභා නියෝජනය කරමින් කටයුතු කිරීමෙන් ගැටලු සහගත තත්වයක් ඇති වන නිසා එම විමර්ශනය අවසන් වනතෙක් ඔහු සියලු කමිටු නියෝජනය නොකළ යුතු යැයි විපක්ෂනායකවරයා එම යෝජනාවෙන් ප්‍රකාශ කරයි.

අලි සබ්රි රහීම් මහතාගේ එම විෂමාචාර ක්‍රියාව පිළිබඳව අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක්ද සමගි ජන බලවේගය පක්ෂය විසින් කතානායකවරයාට මීට පෙර බාර දුන්නේය.

Related posts

නාමල් අදත් FCID අත්අඩංගුවට ගනී

colombotoday

හැම ගෙදරකටම ස්මාර්ට් විදුලි මීටර් දෙනවා.. ලංකාවේම හදල රටත් යවනවා

colombotoday

“අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”

Admin

රාජිත තවත් අනාවරණයක් කරයි.. මේ පාර සිංහලේ රැල්ල ගැනයි

colombotoday

රක්නා ලංකා ආරක්ෂකයින් චම්පිකගේ කොම්පැනියකට

colombotoday

ලබන වසරේ සිට සියලුම පාසල්වල පළමු වසරටත් ඉංග්‍රීසි භාෂාව

colombotoday