Colombo Today Local News

මාන්කුලමේ පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙ‍ෙදනෙකුට තුවාල

මාන්කුලමේ සිදුවූ පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙ‍ෙදනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (07) දින මුලතිව්, මාන්කුලම ප්‍රදේශයේ වැඩිහිටි පුද්ගලයෙකු හා දරුවෙකු දර කැඩීමට ගිය අවස්ථාවක මෙම පිපිරීම සිදුවී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධියෙන් අවුරුදු 84ක් වයසැති වැඩිහිටි පුද්ගලයා සහ අවුරුදු 6ක මුණුබුරා තුවාල ලබා තිබේ.

සතුන් දඩයම් කිරීම සඳහා ඇටවූ බඳින තුවක්කුවක් මෙලෙස පුපුරා යන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.

පිපිරීම සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

පියා පැදවූ රථය ඇළට පෙරලී දියණිය මිය යයි.

colombotoday

නිරුවත් ජායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහල 05ක් අත්අඩංගුවට

colombotoday

ගාල්ල ආසනය කරට කර… සජිත් නූලෙන් දිනයි !

colombotoday

ඔමික්‍රොන් මැඬ පැවැත්වීමට ප්‍රතිදේහ හොදින් නිර්මාණය කරන එන්නත

colombotoday

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිවීම ගැසට් කෙරේ

colombotoday

අද සහ හෙට ඉන්ධන බෙදාහරින පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday