Colombo Today Local News

අම්බලන්තොට දී දෙදෙනෙකු බසයට නැග කතකට වෙඩි තියලා

අම්බලන්තොට ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් රෝහල්ගතකර තිබේ.

අම්බලන්තොට දෙස සිට ධාවනය වූ බස් රථයක් තුළදී මෙම වෙඩිතැබීම සිදුව ඇත.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු බස් රථය හරස් කර නවත්වා ඒ තුළට නැග අදාළ කාන්තාවට වෙඩි ප්‍රහාරය එල්ලකර තිබේ.

තුවාල ලැබූ කාන්තාව අම්බලන්තොට රෝහලට ඇතුළත් කර ඇත.

අම්බලන්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මුහුද රළුයි, සුළං සැරයි… ධීවරයන්ට අනතුරු ඇගවීමක් !

colombotoday

විදුලිය බිඳවැටීමෙන් පාරිභෝගිකයන් 475,000ට බලපෑම්

colombotoday

ගමන් බෑගයක් තුළ තිබූ කාන්තා මළ සිරුර හඳුනා ගැනේ

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් නිකුත්කිරීම කල් යයි

Admin

විදේශ අධිකරණ ප්‍රතික්ෂේප කලයුතුයි. සුද්දන්ට අපේ දේවල්වලට ඇගිලි ගහන්න දිය යුතු නෑ – රවී කරුණානායක

colombotoday

බත් සහ කොත්තු, රයිස් මිල සියයට 10කින් ඉහළට

colombotoday