Colombo Today Local News

මත්පැන් විකිණීමට බලපත්‍ර 4570ක් – ලයිෂන් ලයිස්තුව මැතිසබයට

රටපුරා මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 4570 ක් නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7)දින පැවසීය.

වර්ග 25 ක් යටතේ මෙම මත්පැන් බලපත්‍ර ලබාදී ඇතැයි පැවසූ සියඹලාපිටිය මහතා මෘදු මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 538ක් මෑත භාගයේ නිකුත් කෙරුණු බවද සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

මේ අතර ස්ටිකරය සැක සහිත මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය කාලයේදී අත්අඩංගුවට ගත් බවත් ඒ අතරේ හොර ස්ටිකර් සහිත මිලි ලීටර් 180 බෝතල් (කාලේ බෝතල්) 43776ක් ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම නීති විරෝධී ක්‍රියාව වෙනුවෙන් කෝටි පහකට වැඩි දඩ මුදලක් නියම කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

රජය මත්පැන් ප්‍රවර්ධනය නොකරන බවත් සියයට 75ක බදු අය කරන්නේ ඒ නිසා බවත් සියඹලාපිටිය මහතා කීය.

මේ අතර මත්පැන් බලපත්‍ර සංචාරක කලාපවලට සීමා කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Related posts

දඹර අමිල හිමි ඇතුළු ලිට්රෝ ගෑස් හොර පඩි ගත්ත ලිස්ට් එකම මෙන්න…

colombotoday

කුඔුක් කදන්වල වැවේ දිය නෑමට ගිය 7 හැවිරිදි දරුවෙක් කිඔුලෙක් ඩැහැගෙන යයි

colombotoday

සේයා ඝාතකයාට මරණ දඬුවම

colombotoday

ට්‍රම්ප් සමග එක්වී දෙමළ අයිතිවාසිකම් දිනාගන්නවා.. යුද අධිකරණය ස්ථීරයි

colombotoday

ජීවිත අවදානම තවමත් එළෙසමයි.. හමුදා ආරක්ෂාව ඉවත් කරන්න එපා

colombotoday

මුහුණු පොත හරහා අලෙවි ජාවාරම් කල සිව් දෙනෙකු අත්අඩංගුවේ

colombotoday