Colombo Today Local News

මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර පැවති හමුවක් විකාශය කරන්න “චැනල් ෆෝ” සූදානමක්

ශ්‍රී ලංකාව පිළිබඳ මතභේදාත්මක වීඩියෝපටයක් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව හෙට දිනයේ විකාශය කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර 2018 වසරේ පැවති බව පැවසෙන හමුවක් පිළිබඳ සඳහන් කරමින් මෙම වැඩසටහන සකසා ඇති බව බ්‍රිතාන්‍යයේ ‘ද ටයිම්ස්’ පුවත්පත සඳහන් කර ඇත.

බ්‍රිතාන්‍යයේ “චැනල් ෆෝ” නාළිකාව මෙරට තුළ ප්‍රසිද්ධියට පත්වූයේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව හැඟවෙන මතභේදාත්මක වීඩියෝ පට කිහිපයක් විකාශය කිරීමත් සමඟයි.

යුද්ධය නිමාකළ පසුව ඔවුන් නිර්මාණය කළ ”ශ්‍රී ලංකාස් කිලින් ෆීල්ඩ්ස්” නම් මතභේදකාරී වීඩියෝපටයේ ඇතුළත් කරුණු එවක රජය විසින් අවස්ථා ගණනාවකදී නිල වශයෙන් ප්‍රතික්ෂේප කළේය.

එහෙත් දිගින් දිගටම “චැනල් ෆෝ” නාළිකාව, ශ්‍රී ලංකාවෙන් පළාගොස් විදෙස් රටවල දේශපාලන රැකවරණ පතන පුද්ගලයන් උපුටා දක්වමින් එවැනි චෝදනා රැගත් වීඩියෝ පට විකාශය කළේය.

යළිත් වරක් බ්‍රිතාන්‍යයේ “චැනල් ෆෝ” නාළිකාව කරළියට පිවිසනේනේ හෙට ශ්‍රී ලංකාව පිළිබඳ තවත් මතභේදකාරී වීඩියෝපටයක් විකාශය කරන බව නිවේදනය කිරීමත් සමඟ ය.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කලක් කටයුතු කළ, මේ වන විට දිවයිනෙන් පළාගොස් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය පතන පුද්ගලයෙක් අදාළ තොරතුරු ලබා දුන් බව එහි සඳහන් ය.

එම හමුව සංවිධානය කළ බව සඳහන් කරන එම පුද්ගලයා අදාල හමුවේදී ප්‍රකාශ කර ඇත්තේ බලමාරුවකට සුදුසු පරිදි රටතුළ අස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවයි.

Related posts

ප්‍රහාරයට හේතුව ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීමයි – මුස්ලිම් ආගමික කටයුතු ඇමති කියයි

colombotoday

ඉන්දියාවෙන් ඩොලර් බිලියන එකක්

colombotoday

මත්පැන් අලෙවි සලක මුදල් බැංකුවට රැගෙන යද්දී කොල්ල කාලා

Admin

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි.. උසස් පෙළ ආරම්භය ජූලි – අධ්‍යාපන ඇමති

colombotoday

සජින් වාස් රිමාන්ඩ්

colombotoday

විශ්වාසභංගය අස්සේ හිටපු ඇමති රෝහිතගේ අල්ලස් නඩුවට වෙච්ච දේ…

colombotoday