වත්තල-මාබෝල ප්රදේශයේ පවත්වාගෙන ගිය කරවල අපනයන සමාගමක දොර කඩා ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 25 මෝර කරවල තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මහබාගේ පොලිසිය පවසයි.
යම් පිරිසක් ආයතනයේ දොර කඩා ඇතුළු වී සොරකම සිදුකර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.
මහබාගේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.