Colombo Today Local News

උණ්ඩ ප්‍රවාහනය කළ කෝප්‍රල්- සාජන් මේජර් පොලිස් අත්අඩංගුවට

විවිධ ගිනි අවි වලට යොදන උණ්ඩ සහ හිස් පතුරම් කොපු ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනකු අකුරණ නගරයේ දී අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර කරගස්තැන්න පළමුවන රයිෆල් බලකායට අයත් කෝප්‍රල්වරයෙකු සහ සාජන් මේජර් වරයෙකි.

අලවතුගොඩ පොලිසිය විසින් අකුරණ නගරයේ දී සැකකටයුතු ත්‍රි රෝද රථයක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මෙම උණ්ඩ සොයාගෙන තිබේ.

බෝර 12 ජීව උන්ඩ හතක්, ටී-56 වර්ගයේ උණ්ඩ අටක්, තවත් උණ්ඩ කිහිපයක් තිබූ බව පොලිසිය පවසයි.

Related posts

සංගීත සංදර්ශන පැවැත්වීමට තිබූ කාලය දීර්ඝ කරයි

Admin

ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

රවීට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

colombotoday

අප්‍රේල් 25ත් ඡන්දය නැහැ

Admin

“සිංහලුන් විශ්වාස නෑ.. දෙමළ ජනයාට 13ටත් වැඩි බලතල දිය යුතුයි“ – චන්ද්‍රිකා කියයි

colombotoday

මිනුවන්ගොඩ ජුම්මා පල්ලිය පිලිසකර කිරීමට ආණ්ඩුකාර කාර්යාලයෙන් මිලියන් 1.5ක්…

colombotoday