Colombo Today Sports News

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (31) පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය.

තරගයට පෙර ඊයේ(30) පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ අභියෝගය භාරගැනීමට සූදානමින් සිටින බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක,

“බංග්ලාදේශය සමග අපි ළඟදි එක්දින තරග ක්‍රීඩා කළේ නැහැ. නමුත් අපි දන්නවා ඔවුන් ක්‍රීඩා කරන ආකාරය. වනිඳු නැති එක ගොඩක් ලොකු පාඩුවක්. නමුත් එයා නැති වුණා කියලා කණ්ඩායම පහළට ගිහින් සෙල්ලම් කරලා නැහැ. ඉන්න ක්‍රීඩාකයින්ගෙන් උපරීම දක්ෂතා අතරට පැමිණිලා තරග ජයග්‍රහණය කරවන එක තමයි නායකයෙක් විදියටත් ක්‍රීඩකයෙක් විදියටත් මගේ බලාපොරොත්තුව.”

Related posts

2019 එක්දින ලෝක කුසලානය මැයි 30දා ඇරඹේ

colombotoday

LPL කොළඹ කණ්ඩායමේ හිමිකාරිත්වය අශෝක් පතිරගේට

colombotoday

ක්‍රිකට් තරඟ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට ළගදීම අවස්ථාව

colombotoday

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය සැප්තැම්බර් 16

Admin

IPL තරග ඉතිහාසය උඩුයටිකුරු කළ යශාස්වි ජයිස්වාල්ගේ ප්‍රහාරය

Admin

ලෝක කුසලානයේදීත් නායකත්වය දසුන්ට

Admin