Colombo Today Local News

අලින්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කරනවාද? – චන්න පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

අලි ඇතුන්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කරවා මහනුවර දළදා පෙරහර කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

බෞද්ධ පෙරහර කඩාකප්පල් කිරීමට සහ අපහාසයට ලක් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් වසර කිහිපයක සිට ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වන්නේ යැයිද මන්ත්‍රීවරයා එම ලිපියේ සඳහන් කර ඇත.

මහනුවර දළදා පෙරහැරට විරුද්ධව පසුගිය සමයේදී සමාජ මාධ්‍ය මෙහෙයුමක් පවා ක්‍රියාත්මකවූ බවද චන්න ජයසුමන මහතා පවසයි.

මහනුවර දළදා පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන් අපහසුතාවයට ලක් කිරීමට ඇතැමුන් ලේසර් කිරණ භාවිතා කරන බවට ඇත්ගොව්වන්නන්ද ප්‍රකාශ කර ඇති බවත් අලි ඇතුන් සහ වගා හානි කරන වෙනත් සතුන් පලවා හැරීමට භාවිත කරන ලේසර් කිරණ නිකුත් කරන කුඩා උපකරණ පෙරහරට සති කීපයකට පෙර අලෙවි කිරීමට ඇති බවට ප්‍රචාරක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වූ බවත් ඔහු එම ලිපියෙන් දැනුම්දී ඇත.

එසේම අධි බලය ඇති ලේසර් කිරණ නිකුත් කරන උපකරණ මෙරටට ආනයනය කිරීමට නිසි අවසරයක් ලබාගෙන තිබේද ඒවා ලංකාවට ආනයනය කළේ කවුරුන් විසින්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසද මහාචාර්ය චන්න ජයසුමන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

Related posts

හොර පාරෙන් ඕස්ට්‍රේලියා පනින්න අනුබලදුන් 5ක් අත්අඩංගුවේ

colombotoday

දුම්රිය සංඥා පද්ධතියේ බිද වැටීමක් – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

විල්පත්තුව වැනසූ කටාරයෙන්, ශ්‍රී ලංකාවට අංග සම්පූර්ණ නගරයක් !

colombotoday

ඒකීය රට කැබලි නමයකට කඩන ව්‍යවස්ථා යෝජනා ගැන නීති විශාරදයන් කල් තියා අනතුරු අගවයි

colombotoday

හලාල් මුදල් උලමා හරහා ISIS ත්‍රස්තයින්ට.. සිරියාවේදී මියගිය ලාංකික ත්‍රස්තයාට උලමා මාසික වැටුපකුත් දීලා !

colombotoday

මළ අප්පච්චිට අපි පණ දුන්නා… ඔහු අගමැතිවුණේ අපි නිසයි – විජයමුණි සොයිසා

colombotoday