Colombo Today Local News

දින තුනක් වයසැති බිළිදියක රෝහල පිටුපස දාමා ගිහින්

දින තුනක් වයසැති බිළිදියක මහියංගනය මූලික රෝහලේ පිටුපස අතහැර දමා ගිය බව කියන එම බිලිඳිය බිහිකළ කාන්තාව සැකපිට අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය පවසයි.

එසේ සැක පිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

මහියංගනය මූලික රෝහලේ වාට්ටුවක අධික රුධිරය වහනය වෙමින් සිටි කාන්තාවක් ගැන ඇති වූ සැකයක් මත කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් ඇය මෙම බිලිඳිය බිහිකර ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලීසිය පවසයි.

දරුවා බිහි කිරීමෙන් පසුරෝහල පිටුපසට ගෙනැවිත් තැබූ බව සැකකාර කාන්තාව පොලිසියට පවසා ඇතැයි කියති. රෝහල පිටුපස දමා තිබියදී සොයාගත් දින තුනක් වයසැති බිලිඳිය එම රෝහලේ විශේෂිත ළමාප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.

Related posts

පවතින අර්බුදය කඩිනමින් විසදීමට අගමැති සූදානම් – එජාප මහලේකම්

colombotoday

ජනපතිවරණය වෙනුවෙන් චමල් ඇප තැන්පත් කරයි !

colombotoday

ගවඝාතනයට බලපත්‍රයක් දුන්නේ ජීවත්වෙන්න රැකියාවක් නැති නිසා – ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම්

colombotoday

ජනිපෙ නියෝජ්‍ය නායකයාගේ හිත ජනපති මෛත්‍රී ළග නවතී..! නිවසේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

colombotoday

යුද සමයේ ඉන්දියාවට ගිය සරණාගත ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට කමිටුවක්

colombotoday

SF ලොක්කාට වෙඩි ප්‍රහාර 8ක් වැදිලා

colombotoday