Colombo Today Local News

“මත්ද්‍රව්‍ය ජාවාරම ගමට හිසරදයක්” මුහුණු පොතේ පළ කල එක් දරු පියා කපා කොටා ඝාතනය කෙරේ…

“මත්ද්‍රව්‍ය ජාවාරම ගමට හිසරදයක්” බවට මුහුණු පොතේ දැන්වීමක් පළ කිරීමේ සිද්ධියක් මුල් කරගෙන දොඩම්ගොඩ දොලේලන්ද ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දොඩම්ගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ ඝාතනයට යොදාගත් මන්නා පිහියක් සහ ඝාතනයෙන් අනතුරුව පලා යාමට උපයෝගී කරගත් මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

ඝාතනයට ලක්වූ යේ දොඩංගොඩ දොලේලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මාතර ආරච්චිගේ දිමුත් චාමික නැමැති තිස්හත් හැවිරිදි එක්දරු පියකු බව පොලීසිය පවසයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඉකුත් 14 රාත්‍රී නිවස ආසන්නයේ මත්පැන් සාදයකට ගොස් යළි නිවසට පැමිණ සිටියදී නිවසේ දොර කඩාගෙන පැමිණි ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පිරිස තියුණු ආයුධවලින් පහර දී පළා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

Related posts

මාලිමාව උතුරේ පක්ෂ සමඟ රහස් සාකච්ඡා

Admin

පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්

Admin

ගුටි කෙළියට සම්බන්ධ වූ ශ්‍රීලනිප අයගේ මන්ත්‍රී ධුර අහෝසියි ?

colombotoday

ජාතික රෝහලේ සාමාන්‍ය පරීක්ෂණ සීමා කරයි

colombotoday

පාර්ලිමේන්තු භෝජනාගාරයේ, මන්ත්‍රීලාට දෙන්නේ මොළේ අවුල්වෙන කෑමලු !

colombotoday

කොරෝනා මර්දනයට ජනපති නියමයෙන් තීරණ රැසක්

colombotoday