Colombo Today Local News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්න නිවා දැමේ..

හෝමාගම කර්මාන්තපුරයේ තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් ගින්න නිවා දමා තිබේ.

අද (18)අලුයම 3.00ට වනවිට ගින්න නිවා දැමූ බව පොලිසිය සඳහන් කරයි.

විටින් විට රසායනික ද්‍රව්‍ය පුපුරායාම හේතුවෙන් ගිනි නිවා දැමීම අසීරු වූ බව පොලිසිය පවසයි.

යුද හමුදාවේ සහ පොලිසියේ සහාය ඇතිව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේද සහය ඇතිව ගින්න නිවා දමා තිබේ.

ඒ සඳහා ගිනි නිවීම් සේවා රථ 06ක් හා කාර්ය මණ්ඩලයයේ සහය ලබා ගැනුණි.

ගින්න හේතුවෙන් වායුවේ ගුණාත්මක භාවයට කිසියම් බලපෑම් සිදු වී ඇද්ද යන්න සොයා බැලීමද සිදු කෙරුණි.

Related posts

පාඩුව පියව ගන්න පෙට්‍රල් – ඩීසල් වැඩිවෙන මිල මෙන්න

colombotoday

රට ආරක්ෂා කළ හැක්කේ එජාපයට පමණයි

colombotoday

ඌව පළාත්සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට…

colombotoday

වාහන නොවන ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීම ලබන සැප්තැම්බරේ

colombotoday

පොලිසියෙන් අත්අඩංගුවට ගත් ඌව මහ ඇමති ඇප මත මුදාහැරේ

colombotoday

ජනාධිපතිවරණයේ බුද්ධි අංශ වාර්තාව ජනපති අතට!

colombotoday