සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.
2014 නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් පසු නිසිලෙස වැටුප් ගෙවීමක් සිදු වී නොමැති අතර අමතර දීමනා ගෙවීමක් ද සිදුකර නොමැති බව උද්ඝෝෂකයින් පවසා සිටි.
විවිධ අවස්ථාවලදී වැටුපෙන් කොටසක් ගෙවා ඇති බව ද සඳහන් කර සිටින උද්ඝෝෂකයින් එයට නිසි විසඳුමක් බලාපොරොත්තුව සිටින බව ද පවසයි.
කෙසේවෙතත් උද්ඝෝෂකයින් පස්දෙනෙක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමිවූ බව වාර්තා වෙයි.