Colombo Today Local News

පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකසන්න උපදෙස්

බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

දෙසැම්බර් මස 31 වැනිදාට පෙර එම සංවර්ධන සැලසුම් ව්‍යාපෘති වාර්තාව තමන්ට ලැබෙන්නට සලස්වන ලෙසද අමාත්‍යවරයා දැනුම් දී ඇත.

ලබන වසර මුලදී පෑලියගොඩ නගර සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කරන බවද හෙතෙම පවසයි. බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යරයා මේ බව කීය.

පෑලියගොඩ නගරය ප්‍රසන්න පුරවරයක් කිරීමටනම් ජනතාව මුහුණදෙන පීඩාකාරී ගංවතුර තර්ජනය විසඳිය යුතු අතරම ජනතාවගේ නිවාස ගැටළුවද කඩිනමින් විසඳිය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

ඒ අනුව, පෑලියගොඩ නගරයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල මහල් නිවාස සංකීර්ණ ඉදිකළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුනි.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

මහල් ගොඩනැගිල්ලක නරක් වූ මළ සිරුරක්

Admin

කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරාගනී

colombotoday

ජූලි 3වැනිදා දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ

Admin

මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

හිටපු නාවික හමුදාපති, හමුදාපතිගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි !

colombotoday