Colombo Today Local News

පාසලක බිත්ති දෙකකට සිරවූ දැරියක් බේරා ගනී

විනාඩි 30ක පමණ කාලයක් කළුතර විදුහලක බිත්ති දෙකකට සිරවී සිටී හත් හැවිරිදි දැරියක් බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය අද(14) දහවල් සමත්වූ බව කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක මෙසේ බේරාගෙන ඇත.

විදුහලේ වැසිකිලි පද්ධතිය සහ තාප්පය අතර දැරිය සිරවි සිට ඇති බවත්, කළුතර මහ නගර සභාවේ ගිනිනිවන ඒකකයේ ආපදා ගිලන් රථයක් ළගාවී ස්පැඩර් නමැති සූක්ෂම උපකරණයක් ආධාරයෙන් හයිඩ්‍රොලික් වායුව මගින් බිත්ති දෙකට තෙරපුමක් ලබාදී දැරිය බේරාගත් බව එහි ප්‍රධාන ගිනි නිළධාරී ඕ.වී.අයි. පී. ලක්ෂාන් මහතා පවසයි.

Related posts

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ මධ්‍යස්ථානය වෙලා“ – අගමැති

colombotoday

ඇලෝසියස්ට බන්ධනාගාරයේ සුපිරි සැප… H වාට්ටුවේ සිට දේශපාලන ප්‍රබලයන් සමග දුරකතන සාකච්ඡා

colombotoday

අවසර නොමැතිව ජනපති රුව භාවිතය තහනම්

Admin

නි. ඇමති තෙවරප්පෙරුම STF සමග පැටලෙයි… රාජකාරි කරන හැටි උගන්වන්න යයි

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ධූරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිපයෙන් පන්නයි

colombotoday

පොදු ප්‍රවාහන සේවා වලට විද්‍යුත් ටිකට් පතක්

Admin