Colombo Today Local News

9 හැවිරිදි දියණියක් අපයෝජනය කළ පුද්ගලයාව ඝාතනය කරයි – 6ක් කූඩුවට

පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අතර අවුරුදු 28 සහ 42 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ යාපනය කෝපායි ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක් වු පුද්ගලයා පෙර දින එක් සැකකාරියකගේ 09 හැවිරිදි දියණියට ලිංගික අතවර සිදුකර ඇති බවය.

ඒ හේතුවෙන් එම කාන්තාවන් දෙදෙනා අදාළ පුද්ගලයාට පොලුවලින් පහර දී ඇත.

පසුව එක් සැකකාරියකගේ සහෝදරයා ද තවත් අයෙකු සමඟ පැමිණ අදාළ පුද්ගලයාට පහර දී යතුරු පැදියකින් රැගෙන ගොස් දෙපා ගැටගසා ළිඳක ගිල්වා ඇති බව පොලීසිය පවසයි.

අනතුරුව අදාළ තැනැත්තා ත්‍රීරෝද රථයකින් ඔහුගේ නිවසට ගෙන ගොස් දමා තිබේ.

සැකකරුවන් කෝපායි, අරසඩි සහ සිත්තන්කේනි ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (14) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ශ්‍රීලනිප යෙන් ඒකාබද්ධ විපක්ෂයට ආරාධනාවක්

colombotoday

ජාතික රෝහලේ සුළු සේවකයෝ විරෝධතාවයක

colombotoday

බෞද්ධ අධ්‍යාපනයේ මුදුන්මල්කඩ, විද්‍යොදය, විද්‍යාලංකාර මහ පිරිවෙන්වලින් ජාතියට නිවේදනයක් !

colombotoday

පාර්ලිමේන්තුව අගමැති අසුන මහින්දට.. විශ්වාසභංගය සභාගත කෙරේ…

colombotoday

ඩොලරය තව නගී.. 2016 දි රුපියල මස්තබාල්දු වෙලා.. මහබැංකු වාර්තා කියයි

colombotoday

කඩවත ප්‍රධාන පෙලේ රෙදි අලෙවිසැලකින් කෝටි 02කට අධික මුදලක් කොල්ලකෑමට ගිය අයෙකු මාට්ටු

colombotoday