Uncategorized

මහවැලි ඉඩම් කට්ටි 2000කට වැඩියෙන් දේශපාලන-නිලධාරී හිතවතුන්ට හොරෙන් දීලා

ජනාධිපති කාර්යාලය ඉඩම් බෙදීම අත්හිටුවීමෙන් පසුවද මහවැලි ඉඩම් කට්ටි 2000කට වැඩි ප්‍රමාණයක් ඇතැම් දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ හිතවතුන්ට හොර රහසේ බෙදාදී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වි තිබේ.

එසේ බෙදාදීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව කෝප් කමිටුව පවසයි.

මේ තොරතුරු අනාවරණය වූයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව තොරතුරු විමසීම සඳහා එහි ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ජනාධිපති කාර්යාලය මහවැලි ඉඩම් බෙදීම නැවැත් වූයේ අක්‍රමිකතා සිදුවන නිසා බවයි.

මහවැලිය අද තමන්ගේ හිතවතුන්ට ඉඩම් බෙදන තැනක් බවට පත්ව ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා මේ සියලු අක්‍රමිකතා සිදු වන්නේ මහවැලි ඉඩම් නීතිය ලිහිල් එකක් නිසා බවද ප්‍රකාශ කළේය.

කෝප් කමිටු සභාපති:
ඉඩම් බෙදාදීමේ ලොකු අක්‍රමිකතා සිදුවෙලා තියෙනවා. මේක මෙහෙම වෙන්න බෑ. ඉඩම් අඟලක්වත් නැති මිනිස්සු මේ රටේ ඉන්නවා. පසුගිය 11 වැනිදා රෑ 10 වෙනකම් වැඩ කරලා තමයි මේ මහවැලි ඉඩම් බෙදීම කරලා තියෙන්නේ. මේ තොරතුරු කියන්නේ විගණකාධිපතිතුමා.

විගණකාධිපති :
මහවැලි අධිකාරි බල පදේශ පැහැදිලිව ගැසට් කරලා තියෙනවා. අධ්‍යක්ෂතුමාගේ වගකීම තමයි මුලින්ම තමන්ගේ භූමිය රැකගැනීම. අධිකාරිය තමන්ගේ වගකීම අවුරුදු 45ක් තිස්සේ පැහැර හැරලා තියෙනවා ඒක හිතා මතා කරල තියෙනවා. සමහර මහවැලි ඉඩම් ස්වභාවික පරිසර පද්ධති පවත්වාගෙන යන්න ගන්නවා. ඊට පස්සේ මේවායේ අනවසර පදිංචිකරුවන් පදිංචි වෙනවා.

Related posts

කැබිනට් ඇමැතිධුර කිහිපයක වෙනසක් ? ජී.එල් සහ කෙහෙළිය ජනාධිපති ලේඛම් කාර්යාලයේ

colombotoday

20ට එරෙහිව සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඇතුළුව තවත් පෙත්සම් 6ක්

colombotoday

ජෙයරාජ් ඇතුළු 16ක් ඝාතනයට සැක දෙදෙනෙක් නිදොස් කොට නිදහස්

colombotoday

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමග තැන් දෙකකදී තිදෙනෙක් අල්ලයි !

colombotoday

පාසල් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමේ තීරණයක්

Admin

පාර්ලිමේන්තු එන අපේ හැම මන්ත්‍රී කෙනෙක්ම වැටුප පක්ෂයට දෙනවා

Admin