Colombo Today Local News

ශ්‍රී ලංකාවේ කැබිනට් බලතල සහිතව පත් වූ ප්‍රථම මහකොමසාරිස්වරයාගේ සේවා කාලය ඔක්තෝබර් අවසන්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගේ නිලකාලය ලබන ඔක්තෝබර් මස 01 වැනි දායින් අවසන් වෙයි.

මිලින්ද මොරගොඩ මහතා ඉකුත් 2021 වසරේ අගෝස්තු මස 29 වැනි දින ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට පත් කරනු ලැබීය.

මොරගොඩ මහතා කැබිනට් බලතල සහිත මහකොමසාරිස්වරයකු ලෙස පත් වූ අතර ඔහු ශ්‍රී ලංකාවේ කැබිනට් බලතල සහිතව පත් වූ ප්‍රථම මහකොමසාරිස්වරයා වීම ද විශේෂත්වයකි.

මිලින්ද මොරගොඩ මහතා සිය ධූර කාලයේදී “ඒකාබද්ධ රාෂ්ට්‍ර ක්‍රමෝපාය සැලස්ම” නමින් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කළේය.

Related posts

ඩෙංගු නිහඩ කළ සිංහල කොල්ලා

colombotoday

ළමා ඉතුරුම් ගිණුම්වලට පැනවූ බද්ද ඇමති මංගල හකුලා ගනියි

colombotoday

හිටපු ජනපතිගේ බලපෑම් නිසා නීතිය හා සාමය ඇමතිධූරය අතහැරියා – සාගල රත්නායක

colombotoday

ගෝඨාභය ගැන තවම තීරණයක් ගෙන නැහැ – මහින්ද

colombotoday

බිත්තරයක් 65 සීමාවට?

Admin

ඉන්දියාව 100වැනි චන්ද්‍රිකාවත් අභ්‍යවකාශගත කරයි

colombotoday