Colombo Today Local News

මහ බැංකුව දේශීය මුදල් වෙළඳපොළට බිලියන 200ක් මුදා හරියි

බලපත්‍රලාභී වාණිජ බැංකු තමන් සතු තැන්පතු වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය සියයට 4 සිට සියයට 2 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (08)දින රැස්වූ අවස්ථාවේ තීරණය කර තිබේ.

එළඹෙන 16 වැනිදායින් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්චේදයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

මෙම තීරණය හේතුවෙන් රුපියල් බිලියන 200ක පමණ මුදලක් දේශීය මුදල් වෙළඳපොළ වෙත මුදා හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටි.

එමගින් බලපත්‍රලාභී බැංකුවල අරමුදල් පිරිවැය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් පහත හෙළීමට බැංකුවලට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

Related posts

කොළඹට පැය 28 ක ජල කප්පාදුවක්

colombotoday

තවත් හෙක්ටයාර හැට දහසක වී වගා කිරීමට සැලසුම්

colombotoday

‘ගොල්ෆේස් ගිය අය ගැන තීරණයක් ගන්නවා‘ – සන්ධාන ලේකම්

colombotoday

සහල් මාෆියාවට තිත-වී ගබඩා ආශ්‍රිතව මහා ශ්‍රමදානයක්

Admin

තත්වය භයානකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි.

colombotoday

“ආණ්ඩුව අමාරුවේ වැටුණේ මේ මිනිහා නිසයි” – රාජිත අගමැති ඉදිරියේ අධිකරණ ඇමතිට බැණවදී

colombotoday