Colombo Today Local News

අපනයනය කෙරෙන තේ වලට බලපත්‍ර ගාස්තුවක්

අපනයනය කරන තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 3ක බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතාගේ අත්සනින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව තේ කොමසාරිස්වරයා විසින් රේගු නිර්යාත ප්‍රකාශනය අනුමත කරනු ලබන අවස්ථාවේදී අදාළ බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතු වේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩල ප්‍රාග්ධන අරමුදල වෙත අදාළ ගාස්තු බැර කෙරෙනු ඇති.

Related posts

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් 237 අත්අඩංගුවේ

colombotoday

විශේෂ ගුවන් යානයකින් නාවිකයන් පිරිසක් මත්තල සිට එංගලන්තයට

colombotoday

දැයක් අවදිකළ එස්.මහින්ද හිමියන් අද වැඩසිටියානම් වෙන දේ කවියෙන් මෙන්න (Video)

colombotoday

ගාලුපාරේ ගණිකා නිවාසයක් වටලයි

Admin

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තල මළුවේදී

colombotoday

බන්ධනාගාරයේදී ඤාණසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්?

colombotoday