Colombo Today Local News

කතකට හා තරුණයෙකුට කඩු ප්‍රහාරයක්

ඉලුප්පකඩවෛ පොලිස් වසමේ මුන්රාම්පිඩ්ඩි ප්‍රදේශයේ දී තරුණයෙකුට සහ කාන්තාවකට කඩුවකින් පහරදීමක් සිදුකර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (09) උදෑසන එම පහරදීම සිදුව ඇති අතර, තුවාලකරුවන් මුලන්කාවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත මාරු කර යවා ඇත.

තුවාලකාරිය අවුරුදු 50ක් හා තුවාලකරු අවුරුදු 27ක් වන පාලිආරු ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

පහරදීම සම්බන්ධයෙන් පාලිආරු ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

විදුහල්පතිවරයෙකුගෙන් ලක්ෂ 202ක් ලබා ගැනීම : පොලිස්පතිගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි

colombotoday

යහපාලනයට බැට දුන් චීන තානාපති විදේශ කටයුතු අමාත්‍යාංශයට කැදවා තරවටු කරන්න යයි !

colombotoday

කිරෙන් බැද්දත්,තෙලෙන් බැද්දත් කොබෙයියා රාජාලියෙකු වෙන්නේ නෑ

colombotoday

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

colombotoday

ජනක රත්නායකට තර්ජනය කර කප්පම් ගත් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

බන්ධනාගාර නියාමක හෙරොයින් එක්ක මාට්ටු

Admin