World

10 හැවිරිදි එමාගේ විවාහ සිහිනය මිය යන්න පෙර හැබෑ වෙයි

ලියුකේමියා රෝගය උත්සන්නවී අසාද්‍යව සිටින 10 හැවිරිදි ඇමෙරිකා ජාතික එමා එඩ්වර්ඩ්ස්ගේ ජීවිතයේ එක් සිහිනයක් ඇය මිය යෑමට පෙර සැබෑ කර දීමට ඇයගේ මාපියන් කටයුතු කර තිබේ.

එමා එඩ්වර්ඩ්ස් කුඩා කළ සිටම ඇයගේ හොඳම මිතුරා වන 10 හැවිරිදි ඩැනියෙල් මාෂල්ර් සමග විවාහ වීමට සිහින මවා ඇත.

එමාට ජීවත්වීමට වැඩි කාලයක් නොමැති වීම හේතුවෙන් ඇයගේ මාපියන් එමාගේ සිහිනය සැබෑ කර දීමට පසුගිය දා කටයුතු කර තිබිණ.

ඒ අනුව එමා එඩ්වර්ඩ්ස් සහ ඩැනියෙල් මාර්ෂල් ක්‍රිස්ටෝෆර් විවාහ ගිවිසගෙන ඇති අතර විවාහ ගිවිස ගැනීමෙන් දින 12 කට පසුව එමා අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.

එමාගේ මාපියන් පවසා ඇත්තේ තම දියණිය ලියුකේමියා රෝගය පාරද කරා වී යැයි තමන් බලාපොරොත්තු වූවත් ඇයට එය කිරීමට නොහැකි බව වෛද්‍යවරුන් තමන්ට දැනුම් දුන් බවයි.

ඒ හේතුවෙන් ඇයගේ ජීවිතයේ තිබූ එකම සිහිනය සැබෑ කර දීමට කටයුතු කළ බව එමාගේ දෙමාපියන් පවසා ඇත.

Related posts

ස්පාඤ්ඤයේ ලා පල්මා දූපතේ වීජා ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

colombotoday

ආරක්ෂාවට සිටි හමුදා සෙබළා ඇමතිට වෙඩි තියයි

Admin

අමෙරිකාවේ විරෝධතාවයන්ට සහය පළ කරමින් ලොව රටවල් කිහියකම විරෝධතා

colombotoday

කොරෝනා වෛරස ආසාදිතයින් හමු නොවූ රටවල් 10ක්

colombotoday

ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

colombotoday