Colombo Today Local News

මහපාරේ දමා ගිය අයිස් වලට ඇබ්බැහිවූ යුවලගේ අලුත උපන් බිළිදා මිය යයි

නිවස තුළ ප්‍රසුත කළ අලුත උපන් බිළිදෙක් උපන් හැටියේම හොර රහසේ මාර්ගයට ගෙනවිත් දමා ඔහුගේ මරණය සිදුකළ අඹුසැමි යුවළත් මුල්ලේරියාව පොලිසිය මගින් අද (9)දින අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය රෝගී තත්ත්වයෙන් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මුල්ලේරියාව කැලණිමුල්ල වීදියබණ්ඩාර මාවතේ නිවස දී ඊයේ (8) රාත්‍රියේ මෙම දරුවා ප්‍රසුත කර ඇති අතර, සැකකාර අඹුසැමි යුවළ දරුවා මාර්ගයට ගෙනවිත් දමා තිබියදී අද පෙරවරුවේ පොලිසිය සොයාගෙන ඇත.

පොලිසිය අවට පරික්ෂා කිරීමේ දී ලේ පැල්ලම් ඔස්සේ ගොස් සිද්ධිය වු නිවසට ගොස් ඇති අතර, සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර අඹුසැමි යුවළ තදින්ම අයිත් මත්ද්‍රව්‍ය පානය ඇබ්බැහිව සිටින්නන් බවද පොලිසිය පවසයි.

Related posts

මාකදුරේ මධූෂ් හොරකම් කළ කෝටි 700 දියමන්තිය මෙන්න

colombotoday

ලබන වසරේ සිට සියලුම පාසල්වල පළමු වසරටත් ඉංග්‍රීසි භාෂාව

colombotoday

මහවැලි ජලාශවල ජල මට්ටම 46%ක් දක්වා ඉහළ යයි

Admin

‘පරිප්පුවා’ කෝන්කඩවලදී STF දැලේ

colombotoday

ත්‍රී රෝද රථ හිමියන්ට අලුත් වාහන ගන්න මිලියන දෙකක ණයක්…

colombotoday

පුත්තලම මනාප ප්‍රතිඵල

colombotoday