Colombo Today Local News

කෙහෙළියට විශ්වාසභංගය ගෙනා සජබ දැන් පස්ස ගහයි

සමගි ජන බලවේගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හෙට (10) බ්‍රහස්පතින්දා විවාදයට ගත හැකි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ආණ්ඩු පක්ෂය ඊයේ (8) දන්වා ඇතත් යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය ඊට එකඟවී නැතැයි වාර්තා වේ.

මීට පෙර තීරණය කළ කටයුතු රැසක් පවතින හෙයින් ඒවාට ඉදිරි සති දෙකක කාලය වෙන් කිරීමට සිදුවන බව එහි දී සමගි ජන බලවේගයේ නායකයන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මෙම යෝජනාව මේ සතියේදී විවාදයට ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාද ඉල්ලීමක් කර ඇති හෙයින් විවාදය මේ සතියේදී පැවැත්විය හැකි බව ආණ්ඩුවේ නායකයන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය තවදුරටත් පසුවට කල් යනු ඇත.

විශ්වාසභංග යෝජනාවට පෙර වතුකර ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධ විවාදයක්ද ක්‍රිකට් සම්බන්ධ විවාදයක්ද පැවැත්වීමට නියමිතව තිබෙන බව විපක්ෂයේ නායකයන් මෙහිදී දැනුම්දී ඇත.

මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මහාචාර්ය ජී එල් පීරිස්, සාගර කාරියවසම්,එම්.ඒ සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වි තිබේ.

Related posts

“ආර්ථිකය අවුලෙන් අවුලට ගිහින්.. රටේ ණය ප්‍රමාණය අහන්න වෙන්නේ වයිමගෙන්” – විගණකාධිපති

colombotoday

ව්‍යවස්ථා කමිටු අතුරු වාර්ථාවෙන් “බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කරලා” – සිංහල බෞද්ධයා නොමග යවන ආණ්ඩුවේ කූට වෑයම මහා සංඝරත්නය හෙළා දකී

colombotoday

උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ වෙනසක්

colombotoday

ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවෙන් – මහින්ද රාජපක්ෂ කියයි.

colombotoday

පුත්තලමේ එච්අයිවී අවදානමක් ! සමාජ රෝගීන් තොගයක් සොයාගනී… වැඩි පිරිසක් සමලිංගිකයන්

colombotoday

විභාග වෙමින් පවතින නඩු 25 යි වරෙන්තු 11ක් ඇති අපරාධකරුවෙක්

colombotoday