Colombo Today Local News

එක්සත් ජාතීන්ගෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360ක්

ඉදිරි මහ කන්නයේදී බෙදා හැරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360 ක් පසුගිය දා කෘෂි කර්ම අමාත්‍යංශයට භාර දී තිබේ.

මෙම යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360 ජපන් රජයේ මූල්‍ය ආධාර මත එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ලබා ගෙන තිබේ. මෙම පොහොර තොගය කුරුණෑගල, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර් එකක් දක්වා වගා කරන ගොවියන් 228000 ක් ආවරණය වන පරිදි බෙදා හැරෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශ කර ඇත.

මෙම පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍යංශයට භාර දීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කට්සුකි කොටාරෝ සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

Related posts

“ජනපති – අගමැති සමගියි.. මහබැංකු අධිපති නිර්දේශ කරන්නේ මමයි” – මුදල් ඇමති

colombotoday

71 හැවිරිදි මව අත්පා ගැට ගසා නිරුවත් කර මරා දාලා

Admin

දිවුලපිටියේ මන්ත්‍රී කාර්යාලයකට පහර දී ගිනි තැබීම. – මැයව දුටුවහොත් ලඟම පොලිසියට දන්වන්න

colombotoday

“චීනයට තව අක්කර 1000ක් දෙනවා.. රට දියුණු කරන්න පෝට් සිටිය නැතිවම බෑ” – අගමැති

colombotoday

විමල්ට ඇප ගන්න අජිත්ගෙන් කොන්දේසි

colombotoday

කොරෝනා රෝගීන් දෙපිල බෙදී ගුටි ඇනගනිනි

colombotoday