Colombo Today Local News

කැකිරාව ප්‍රා.ලේ කාර්යාලයේ වැසිකිලියක පිපිරීමක් – දේපල රැසකට හානි

කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාමරය අසල වැසිකිලියක පිපිරීමක් සිදුව ඇතැයි කැකිරාව පොලිසිය පවසයි.

පිපිරීම සිදුවන අවස්ථාවේ ප්‍රාදේශිය ලේකම්වරයාද සිය නිල කාමරය තුළ සිට ඇති අතර එම පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට හො කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානියක් සිදුව නැතැයිද පොලිසිය කියයි.

එම පිපිරීමෙන් වැසිකිළියේ කොටස් හා ජනෙල් ඇතුලු දේපල රැසකට හානි සිදුව ඇත.

සතියේ ආරම්භක දිනය වන අද දිනයේ සේවා ලබා ගැනීම සදහා පැමිණී පිරිස්ද මෙම පිරිපිරීම සිදුවන අවස්ථාවේ එම කාර්යාල පරිශ්‍රෙය් සිට ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය් සිදුව ඇති එම පිපිරීම සම්බන්දව වැඩි දුර විමර්ශන කැකිරාව පොලිස් ස්ථානය මගින් මේ වනවිට ආරම්භ කර තිබේ.

Related posts

මංගල ඉවතට – මාධ්‍ය ඇමතිකම රුවන්ට !

colombotoday

කෙරවලපිටිය බලාගාරයට නැප්තා ලීටර් ලක්‍ෂ 10 ක්

colombotoday

වෙබ් මාධ්‍යවේදියාට ඇප

colombotoday

රවිට, නවීන්ට,අර්ජුනට තනතුරු නොදීම නිසා එජාපයේ අභ්‍යන්තර බෙදීමක්.

colombotoday

රිෂාඩ්ගේ පවුලෙ උදවිය බොහෝම වැදගත්. රු 50000 ක් අරගෙන දෙන්නම්. මේක ඉවර කරලා දාමු. – පොලිස් පරීක්ෂක නවාස්ගේ ගේම පත්තු වෙයි.

colombotoday

දැනට අළෙවි කෙරෙන ඉන්ධන ලීටරයක මිල 200 කින් අඩුකරන්න පුළුවන්

colombotoday