Colombo Today Local NewsGossip

රෝගීව මිය ගිය සද්දන්තයාට අවසන් ගෞරව

අම්පාර බුද්ධංගල අභය භූමියේ සති කිහිපයක සිට රෝගීව මිය ගිය වන අලියා වෙනුවෙන් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍ය සේනාසනාධිපති දිඝවාපියේ සුසිම හිමියන් සහ අම්පාර නැගෙනහිර වනජිවි සංරක්ෂණ කලාප කාර්යාලයේ නිලධාරින් එක්ව ආගමික වතාවත් සිදු කරන ලදි.

මේ අලියා සති කිහිපයක පටන් වල් අලි රැහෙන් වෙන්ව වනයේ සැරිසරන ආකාරය දක්නට ලැබුන අතර යම් පුද්ගලයකු විසින් සිදු කරනු ලැබු වෙඩි තැබීමකින් හෝ ආහාරයට වස විස මුසුකිරිමකින් ඇති වු ආබාධයකින් හෝ අලියා මිය යන්නට ඇතැයි වන ජිවි නිලධාරිහු පවසයි.

වන ජිවි ඇමැති ගාමිණි ජයවික්‍රම මහතාගේ උපදෙස් පරිදි මෙරට වන උද්‍යානයන්හි මිය යන අලි ඇතුන් වෙනුවෙන් ආගමික වතාවත් සිදු කර අවසන් කටයුතු සිදු කිරිම සිදු කරනු ලබන අතර බුද්ධංගල අලියා වෙනුවෙන්ද ආගමික වතාවත් සිදු කර අවසන් කටයුතු සිදු කිරීමට වන ජීවි කාර්යාලය කටයුතු කරන ලදි.

Related posts

මුස්ලිම් සමූලඝාතන චෝදනා… ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයෙන් කණ පැලෙන්න පිළිතුරු.. සමුළුව විසුරුවා ජිනීවා කොටි පැන දුවති !

colombotoday

“OMP ළගදීම වැඩ අරඹනවා.. වැරදි කළ හමුදා නිලධාරින්ට දඩුවම් දෙනවා“ – චන්ද්‍රිකා

colombotoday

කොරෝනා වෛරසය හේතුවෙන් තුන්වන පුද්ගලයාත් මරුට

colombotoday

‘සතොස’ වසා දැමීමට තීරණයක්

Admin

මංගලගෙන් සජිත් පිලට කුණු බැණුම්, අමු අන්තවාදීන් පිරිසක් යයි කියයි..

colombotoday

නව බන්ධනාගාර කොමසාරිස් වරයෙකු පත් කරයි

colombotoday