Colombo Today Local News

කඳානේ නිවසකට වෙඩි තැබීමක්

අද (04) උදෑසන 6.10ට පමණ කඳාන පියෝ මාවත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර T56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබේ.

අදාළ නිවස ව්‍යාපාරිකයෙකුට අයත් වන අතර සැකකරුවන් ඔහුගෙන් කප්පම් මුදල් ඉල්ලා ඇතිවූ සිද්ධියක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද වාර්තා වෙයි.

ඩුබායි හි සැඟව සිටින හීනටියන මහේෂ්, කඳානේ චූටිමල්ලි සහ ගම්පහ වරුණ නමැති පාතාල ක්‍රියාකාරීන්ගේ මෙහෙයවීම මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට ද තවදුරටත් තොරතුරු වාර්තා වෙයි.

වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදියේ අයිතිකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

අදාළ නිවසේ කාන්තාවක් සඳහන් කර සිටින්නේ,

“උදේ නැඟිට්ටා විතරයි.. වෙඩි තියාගෙන තියාගෙන ගියා. වෙඩි තියපු කෙනාවත් දන්නවා.. ආපු කෙනාවත් දන්නවා.”

Related posts

පාපැදියක ගැටී පුද්ගලයෙක් මරුට – පාපැදිකරු පළා ගිහින්

Admin

සිංහලෙන් එව්ව සිතාසිය ශ්‍රීධරන් බාර ගන්න බෑ කියයි

Admin

සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක්

colombotoday

වෙසක් පෝදා මහියංගනේ බෞද්ධ කොඩි ගිනි තැබූ මුස්ලිම් තරුණයන් 8ක් අත්අඩංගුවට

colombotoday

“LTTE ය පටන්ගත්ත විදියටම එන්නයි හදන්නේ.. ඒක කාටවත් නැ කියන්න බෑ” – පොලිස්පති

colombotoday

විදේශයන් සතුව ඇති ලංකාවේ උරුමයන් නැවත ගෙනෙන්න යයි

Admin