Colombo Today Local News

අනුර ඇතුළු මාලිමාවේ පිරිසකට අධිකරණ නියෝගයක්

කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු එම පක්ෂයේ පිරිසකට එරෙහිව අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

කොටුව පොලීසිය විසින් සිදුකළ කරුණු දැක්වීමකට අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, අද දහවල් 12.00 සිට පස්වරු 06.00දක්වා කාලය තුළ පහත සඳහන් ස්ථාන ආශ්‍රිතව උද්ඝෝෂණ පැවැත්වීම තහනම් වනු ඇති.

ජනාධිපති ලේකම් කාර්යාලය,
ජනාධිපති මන්දිරය,
මුදල් අමාත්‍යාංශය,
මහ බැංකුව,
පොලිස් මූලස්ථානය,
කොටුව දුම්රිය ස්ථානයේ සිට CTO මංසන්ධිය දක්වා වන ඕල්කට් මාවත,
CTO මංසන්ධියේ සිට සෙරමික් මංසන්ධිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගය,
යෝර්ක් වීදිය,
බැංකු මාවත,
චැතැම් මාවත,
මුදලිගේ මාවත,
බාරොන් ජයතිලක මාවත,
පොලිස් මූලස්ථානය ඉදිරිපිට,
බාලදක්ෂ මාවත
චෛත්‍ය පාර,
ජනාධිපති මාවත,
ගාලුමුවදොර වටරවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාර ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද ගාලු මුවදොර පිටිය පරිශ්‍රයන්

Related posts

රුපියල කඩා වැටෙයි…

Admin

සුදු නෙළුමට පසුව එන බ්‍රදර් චාල්ස් ගේ ධර්ම බජව්ව

colombotoday

අත්තනෝමතික පාලනයක් තියන්නේ.. ජනපති කාර්යාලයට ගිය රවීගෙන් චෝදනා (Video)

colombotoday

21 දක්වා පාර්ලිමේන්තුව කල් තැබේ

colombotoday

සජබ උද්ඝෝෂණයට සහබාගි වූ අයෙක් අත්අඩංගුවට ගෙන මරා දැමූ බවට කියන කතාව අමූලික බොරුවක්

colombotoday

සිංහරාජය දෙපළු කර තවත් පාරක් හදයි… ලෝක උරුමය විනාශයි..

colombotoday