World

යුවළක් අට මස් සිඟිත්තා විකුණා iPhone 14 එකක් අරන්

සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වු යුවළක් විසින් සිය 08මස් වයසැති සිඟිත්තා මුදලට විකුණු පුවතක් ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් වාර්තා වෙයි.

ෂාති සහ ජයදේව් නම් මෙම යුවළ සිය පුතුව විකුණා ඇත්තේ එම මුදලින් iPhone 14 වර්ගයේ ජංගම දුරකථනයක් මිලදී ගැනීමට බව හෙළි වී තිබේ.

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට මුදාහැරීම සඳහා එය මිලදීගෙන ඇත.

එම යුවළ බෙංගාලයේ ඇවිදයමින් එම දර්ශන ඉන්ස්ටග්‍රෑම් සමාජමාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කර ඇත.

සිය පුතු නොමැතිව දුක් වෙනවා වෙනුවට විශාල මුදලක් වැයකර දුරකථනයක් මිලදී ගෙන තිබීම සම්බන්ධයෙන් අසල්වැසියන්ට ඇතිවූ සැකයක් මත අසල්වැසියන් විසින් මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දී තිබේ.

ඉන් පසුව සිදුකළ විමර්ශනයේදී මෙම යුවළ විසින් සිය දරුවා මුදලට විකුණා ඇති බව පොලීසියට අනාවරණය වී ඇත.

පසුව ඉන්දීය පොලීසිය විසින් දරුවාගේ මව සහ දරුවා මිලදීගත් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවාගේ පියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ ඔවුන්ගේ සිය 07 හැවිරිදි දියණිය ද විකිණිමට පියා මීට පෙර උත්සාහ කර ඇති බවය.

Related posts

යුක්‍රේනයේ රාජ්‍ය ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක් – “පුටින්ට යුක්‍රේනය බිඳ දැමිය නොහැකි යි”

colombotoday

ඉම්රාන් ඛාන්ට වසර පහක් රජයේ නිලතල දැරීම තහනම්

Admin

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක්

colombotoday

ඔබාමාටත් කෝවිඩ්

colombotoday

එක්සත් රාජධානිය සමග රටවල් රැසකින් සංචාරක තහනමකක්.

colombotoday

තමිල්නාඩුවේ නව මහ ඇමැති තනතුර කොටි හිතවාදී ඩී.එම්.කේ පක්ෂයට

colombotoday