Colombo Today Local News

ශ්‍රී ලාංකිකයින් 62ක් කුවේට් රාජ්‍ය‍යෙන් පිටුවහල් කරයි

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනකු, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකසා මෙරටට පිටුවහල් කර තිබේ.

මොවුන් අතරින් 59 දෙනකු ගෘහ සේවිකාවන් වන අතර ඉතිරි තිදෙනා පිරිමි ගෘහ සේවකයන් බව ද තානාපති කාර්යලය පවසයි.

ඔවුන් ගෘහ සේවය සදහා ගිවිසුම් ගත නිවෙස්වලින් පලා ගොස , කුවේට් රාජ්‍යයේ තාවකාලික නේවාසිකාගාරවල රැදී සිටිමින්, විවිධ රැකියා ස්ථානවල කුවේට් ඩිනාර් 250 ක් වැනි මාසික වැටුපක් සදහා සේවයේ නිරත වෙමින්, වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකවරයෙක් සඳහන් කරයි.

Related posts

කන්දකාඩුවෙ ගැටුම සොයා බලන්න කමිටුවක්

Admin

මාළිගාවේ විදුලි බිල ගෙවා ගන්න බැහැ – දියවඩන නිලමේ මහජන උපයෝගිතා කොමිසමට දැනුම්දෙයි

Admin

අදත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

මම හෙළිකොප්ටරෙන් යනකොට පා ගමන දැක්කා.. සෙනග නෑනේ.. සෙනග ඉන්න පොටෝ හදපු ඒවා

colombotoday

ජනාධිපති ඇතුළු කිහිපදෙනෙක් ඝාතනය කරන බවට බූස්සේ සිර කර සිටින පාතාල කෙරුමන් දන්වයි

colombotoday

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ3 ඉක්මවයි..

Admin