හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මහර බන්ධනාගාරය වෙත පැමිණියා. ඒ රක්ෂිත බන්ධනාගාර ගතව ඉන්න පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ සුව දුක් විමසීම සදහායි.
උන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මෝටර් රථයේ ඇතුළේ ඉදන්ම මාධ්‍ය අමතමින් සිටියදී හදිසියේම රාජපක්ෂ මහතාට වාහනයෙන් බහින්න සිද්ධ වුණා.
ඒ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවො බලන්න ආපු ස්වාමින් වහන්සේ නමකට ගෞරව කරන්න.
ඊට පස්සේ හිටපු ජනාධිපතිතුමා වගේම පාර්ලිමේන්තු විමල් වීරවංශ මාධ්‍ය අමතමින් පැවසූවේ මේ ආණ්ඩුවෙන් පංච මහා බලවේගයම මර්ධනය කරමින් සිටින බවයි.