World

අවුන් සාන් සුකීට මෙවරත් මියන්මාරයේ ජනපති ධූරය අහිමි වෙයි

Aung san Suchi

මියන්මාරයේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය, එම පක්ෂයේ නායකත්වය දරණ අවුසාන් සුචී මහත්මියව ජනාධිපති ධූරය සඳහා නම් කර නොමැති බව වාර්තා වේ.

ඒ සඳහා එම පක්ෂයෙන් ජනාධිපති ධූරය සඳහා දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇත. ඒ අය නම් Htin Kyaw සහ Henry Van Thio වෙයි.

අවුසාන් සු කී මහත්මියගේ පක්ෂය වසර 15 කට පෙර මැතිවරණයෙන් ජයග්‍රහණය කළද ඇයට ජනාධිපති පදවිය දැරීමට නොහැකි වූයේ එරට පැවති අසීමිත බලතල ඇති හමුදා පාලනය ඇයගේ අවස්ථාව අවහිර කළ නිසාය.

හමුදා පාලනය යටතේ වසර 15 ක් දේශපාලන සිරකාරියක වශයෙන් නිවාස අඩස්සියේ සිටි ඇයට මෙවර ජනාධිපතිධූරයට පත්වීමට නොහැකිව ඇත්තේ එරට ව්‍යවස්ථාවයි. ඒ ඇයගේ පුතණුවන් මියන්මාර පුරවැසියෙකු නොවී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වීම හේතුවෙනි.

ජනාධිපතිධූරය ඇය සතුව නොපැවතියද ප්‍රධානියා ලෙස ඇය කටයුතු කරන බව ඇය පැහැදිළිව ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිධූරය සඳහා පත්වීමට වැඩි ඉඩක් ඇතැයි සැළකෙන Htin Kyaw අවුන් සාන් සූ කීගේ ඉතා සමීප මිතුරෙකි. ඔහු අවුසාන් සු කී ගේ උපදෙස් මත කටයුතු කරනු ඇතැයි විශ්වාස කෙරේ.

Related posts

ජනපති වීදුරු කුටියේ ඉද්දී අගමැති දිවුරුම් දෙයි

colombotoday

නිවුන් සොහොයුරියන් කොවිඩ් නිසා එකටම අවසන් ගමන් යයි

colombotoday

ඩොලර් 240,000ක් වටිනා Ferrari කාරය විනාශවුණු දරුණු අනතුර (VIDEO)

colombotoday

රිය අනතුරකින් වෛද්‍ය සිසුන් 7ක් මරුට… මන්ත්‍රීවරයෙකුගේ පුතෙකුත් ඒ අතර (වීඩියෝ)

colombotoday

ලොව පුරා Microsoft Teams සේවා බිඳ වැටීමක්

colombotoday

ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත කැනඩාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

colombotoday