Colombo Today Local News

ග්‍රාම නිළධාරීනියට තර්ජනය කළ හිටපු ප්‍ර.සභා මන්ත්‍රී අත්අඩංගුවට

ඡ්න්ද නාමලේඛනය ලකුණු කිරීමේ කටයුතු සදහා යමින් සිටී ග්‍රාම නිළධාරීනියට තර්ජනය කිරීම සම්බන්දයෙන් හිටපු කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී වරයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර විලේගොඩ බොට්නික් වත්ත ප්‍රදේශයේ පදිංචි මන්ත්‍රී වරයෙකි.

අංක 718 එතනමඩල ග්‍රාම නිළධාරී වසමේ වැඩබලන ග්‍රාම නිළධාරී එච්.හිරුෂිකා ප්‍රියදර්ශනී යන අය විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර මන්ත්‍රී වරයා අද(27)දින කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. ඉන්ද්‍රජිත් මහතා පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්

Admin

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වජිර අබේවර්ධනට

colombotoday

රජය ගත් යහපත්ම තීරණය පොලිතීන් තහනමයි.. ඊට සහය දෙමු !

colombotoday

පවිත්‍රාගෙන් සහ ඇගේ සැමියාගෙන් සීඅයිඩිය ප්‍රශ්න කරයි

colombotoday

විශේෂ කාර්ය බළකාය වඩමාරච්චියේ හදිසි මෙහෙයුමක !

colombotoday

වැල්ලම්පිටියේ සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday