Colombo Today Local News

වෙහෙරහැර රියදුරු බලපත්‍ර අංශයෙන් යුද හමුදාව ඉවත් කරයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට නැවතත් එම දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශය ගිවිසුමකට අනුව වසර කීපයක් යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ බවත් එම ගිවිසුම ප්‍රකාරකව නැවත භාරගන්නා බවත් වීරසිංහ මහතා කියයි.

එම අංශයේ කටයුතු පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට පුහුණුව ලබමින් සිටින බව කී මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ඉන් පසුව එම නිලධාරීන් එහි සේවයට අනුයුක්ත කරන බව ද සඳහන් කරයි.

Related posts

ට්‍රම්ප්ට බොදු බල සේනාවත් සුබ පතයි.. ඉස්ලාම් ත්‍රස්තයන් නැති කරන වැඩේ ඉක්මන් කරන්න ඉල්ලයි

colombotoday

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස්නාහිර පළාතේ බස් 481කට අවවාද..

colombotoday

අමාත්‍ය වාසුදේව නානායක්කාරටත් කොරෝනා

colombotoday

රෝහලෙන් ගෙදර ආ කාන්තාවකට යළිත් කොරෝනා හැදිලා

colombotoday

අද කොචිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

මෙවර අයවැයෙන් එක් ග්‍රාම නිලධාරි වසමකට මිලියන 200ක්

colombotoday