Colombo Today Local News

බදු වැඩි කිරීම ගැන ඉතා සතුටුයි.. දුප්පතුන්ට කිසි අවුලක් නෑ.. වරද රාජපක්ෂලාගේ

saman rathnapriya 2232

බදු කිහිපයක් ඉහළ නැංවීමට රජය ගත් තීරණය ඉතා යහපත් එකක් බව ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සම සභාපති සමන් රත්නප්‍රිය පවසනවා.

මෙම බදු ඉහල නැවීමෙන් දුප්පතුන්ට හානි නොවන බවත් වැඩ කරන ජනතාවට සහනයක් බවත් පවසන ඔහු එසේ බදු වැඩි කිරිමක් නොකර සිටියා නම් වඩාත් සුදුසු යයිද කියා සිටී.

ආණ්ඩුවට මෙසේ බදු වැඩි කර ඇත්තේ ගිය ආණ්ඩු කාලයේදී ගත් විශාල ණය නිසා යයිද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
වැඩකරන ජනතාවට බර නොපැටවීම නිසා වෘත්තීය සමිති නායකයෙක් ලෙස තමන් සතුටු වන්නේ යයිද ඔහු අවධාරණය කරයි.

රජය සෑම විටම උත්සහ කරනු ලබන්නේ පීඩිතයා තව තවත් පීඩාවට ලක් නොකර ධනපතියන්ගෙන් බදු අය කිරීමට බවත් එය ආණ්ඩුවේ යහපත් ලක්ෂණයක් බවද ඔහු පැවසුවා . එලෙස බැදු ඉහළ නැංවීම තුළින් වැඩකරන ජනතාවට බර නොපැටවීම නිසා වෘත්තීය සමිති නායකයෙක් ලෙස තමන් සතුටු වන්නේ යයිද ඔහු අවධාරණය කරයි.

Related posts

“උරුලෑවෙක් වගේ තැන තැන ගඳ ගස්සවනු එපා” – ඇමති යාපාත් එජාපයේ ක්‍රෝධයට ලක්වෙයි !

colombotoday

කාබන් බද්ද අකුලා නොගත්තොත් බස් වර්ජනයක්…

colombotoday

හිටපු කැබිනට් ඇමැතිවරයෙක් සූර්යබල ව්‍යාපෘතියක් අනුමත කිරීමට රුපියල් කෝටි පනහක් අල්ලස් අරන්

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය දෙන්න බෑ කියයි

colombotoday

භුමිදානයට පක්ෂව අදහස් දැක්වීම නිසා මහාචාර්ය නීලිකා මලවිගේ ගේ ලස්සන ෆ්ලෝරා ආයතනයට අධිකරණ අමාත්‍යංශයේ මල් කොන්ත්‍රාතුව දුන්නාද?

colombotoday

විජේවීර ඝා-තනය ගැනත් හොයන්න කොමිසමක් දාන්න

Admin