Colombo Today Local News

“සිංග්ප්පූරු ගෙනගොස් හෝ මිතුරා සුවකර දෙන්න” චම්පිකගේ රියේ ගැටුණු සංදීප්ගේ මිතුරෝ මාධ්‍ය හමුවක

sandeep 33

සිංගප්පූරුවට හෝ ගෙනගොස් තම මිතුරා සුව කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව රාජගිරියේදී පසුගියදා රිය අනතුරකට ලක්වූ තරුණයාගේ මිතුරන් පිරිසක් “සංදීප් වෙනුවෙන් යුක්තිය“ නමින් සංවිධානයක් ලෙස අද (10) මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලීමක් කළේය.

රාජගිරියේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගමන්ගත් බව කියන ජිප් රථයක යතුරු පැදියක් ගැටීමේ සිද්ධියේදී තුවාල ලබා රෝහල්ගතව සිටින තරුණයාගේ මිතුරන් කිහිප දෙනෙකු විසින් අද මෙම මාධ්‍ය හමුව පවත්වනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට අයත් පිටකෝට්ට, පාගොඩ පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදීය.

මෙම අනතුර ගැන මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මොහොමඩ් සෆායි නැමැති තරුණයා කියා සිටියේ අනතුර සිදුකර පළාගිය වාහනයේ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සිටි බව තමා දුටු බවයි.

අමාත්‍යවරයා තමාට පොලීසියට යාමට පැමිණෙන්නැයි දැනුම්දුන් අවස්ථාවේ තමන් එම අවස්ථාවේ නොගියේ මිතුරා අනතුරට ලක්ව සිටි නිසා යැයිද හෙතෙම පැවසීය.

කෙසේ වුවද අනතුර ගැන වැලිකඩ පොලිසියට ගොස් පැමිණිලි කළ අවස්ථාවේදී පැමිණිල්ල සටහන් කරගනු ලැබුවේ කුඩා නෝට්බුක් එකක් වැනි පොතක බවද ඔහු කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට උමේෂ් රංගනාත් නැමැති මිතුරෙකුද එක්ව සිටි අතර ඔහු පැවසුවේ අනතුරට අදාළ මෙම සිද්ධිය ගැන විපක්ෂයෙන් උපදෙස් ගන්නා ලෙසට අනතුරට ලක්වූ මිතුරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා උපදෙස් ලබාදුන් බවයි.

එසේ නොමැතිව මීට පෙර විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි අයගේ සහයක් මේ සඳහා නොතිබූ බවද ඔහු පැවසුවේය.

Related posts

මේ සිකුරාදාට අර්ථිකයකට වෙන දේ මෙන්න.. විමල් වීරවංශගෙන් විශේෂ හෙළිදරව්වක් !

colombotoday

බස් ධාවනය නොවිමෙන් මගිහූ යකා නටති. – හැටන් බස් නැවතුම්පොලේ පාලනය මගින් අතට.

colombotoday

භූ විද්‍යා හා පතල් කාර්යාංශය බලපත්‍ර දීමේදී වූ බරපතළ දූෂණ රැසක තොරතුරු අනාවරණය වෙයි

Admin

සෝභිත හිමියන්ගේ සැක කටයුතු අපවත්වීම ගැන වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරන්න.. අධිකරණය අවසර දෙයි !

colombotoday

කුවේට් සිට පැමිණි 113 කට කොරෝනා. ගෙන්වාගත් සිසුන් කිසිවෙක්ට කොරෝනා නෑ. මැද පෙරදිගින් මගීන් රැගෙන ඒම නවතා දමයි.

colombotoday

20ට විපක්ෂයෙන් විරෝධය

colombotoday