Colombo Today Local News

මුද්‍රා මකා අලෙවියට සුදානම්කර තිබූ කුණු බිත්තර ගබඩාවක් වටලයි

ආනයනික බිත්තර මුද්‍රා මකා වෙළෙඳපොළට නිකුත්කිරීමට සුදානම් කර තිබූ ස්ථානයක් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (23)දින වටලා තිබේ.

අදාළ ගබඩාව පවත්වා ගෙන ගොස් ඇත්තේ දුම්මලසූරිය ඇතුංගහකොටුව ප්‍රදේශයේය.

ඉන්දියාවෙන් ආනයනික බිත්තර තොගයක මුද්‍රා මකා අලෙවියට සුදානම්කර ඇති බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයට තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව, අදාළ ගබඩාව පිහිටි දුම්මලසූරිය ඇතුංගහකොටුව ප්‍රදේශයට ඔවුන් ඊයේ රාත්‍රියේ පැමිණ තිබේ.

පරිභෝජනයට නුසුදුසු බිත්තර පෙට්ටි 100කට ආසන්න සංඛ්‍යාවක් එහිදී සොයාගෙන ඇත.

බිත්තර අලෙවිකරුගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ මුහුණුපොත හරහා ලබාගත් දුරකථන අංකයකින් සම්බන්ධවී ඉන්දියන් බිත්තර ලබාගෙන එහි මුද්‍රා මකා දමා වෙළෙඳපොළට නිකුත් කිරීමට තමන් සුදානම් වූ බවය.

බිත්තරයක මුද්‍රා මැකීමට රුපියල් 4ක මුදලක් වැයවන බවද ඔහු ප්‍රකාශ කර තිබුණි.

අදාළ අලෙවිකරුගෙන් බිත්තර මිලදී ගෙන කොළඹ ප්‍රදේශයට අලෙවියට රැගෙන ගිය තරුණයින් කිහිපදෙනෙකුද මෙහිදී පවසා ඇත්තේ, බිත්තර නරක්වී තිබීම නිසා ඇතැම් වෙළෙඳසැල්වලින් තමන්ට පහරකෑමට ද සිදුවූ බවය.

Related posts

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

colombotoday

ආණ්ඩුව මහා නහිමිවරුනුත් රවට්ටලා.. අලුත් ව්‍යස්ථා කෙටුම්පතින් හෙළිවේ !

colombotoday

මම හිතුවෙ වැඩි ඡන්ද දහදාහකින්වත් දිනයි කියලා – ජෝන්

colombotoday

කොළඹ මහල් නිවාස සංකීර්ණ 06ක් හුදෙකලාභාවයෙන් ඉවතට

colombotoday

බෙදුම්වාදී, අන්තවාදී බලවේගවලට යළි ඉඩක් නොමැති බව විශ්වාසයි… බොදු බල සේනා සංවිධානය විසුරුවාහරිනවා !

colombotoday

තියුණු ආයුධවලින් පහරදී අඹු – සැමි යුවළක් මරා දාලා

colombotoday