Colombo Today Local News

අලුත් උපන් බිලිදු මළ සිරුරක් ඇලකින් හමුවෙයි

අලුත් උපන් බිලිදු මළ සිරුරක් කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි අද (24)දින හමු වු බව නොර්වුඩ් පොලිසිය පවසයි.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කුඩා පාලමක් යට ඇළ මාර්ගයේ තිබි මෙම බිලිදු මළ සිරුර සොයාගත් බව නොර්වුඩ් පොලිසිය කියයි.

එම මාර්ගයේ ගමන් ගත් වතු කම්කරුවන් පිරිසක් කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයේ පොලිතින් උරයක දමා ඇති බිලිදු සිරුරක් පාවෙමින් තිබෙන බවට නොර්වුඩ් පොලිසියට කළ දැනුම් දිමක් මත නොර්වුඩ් පොලිසිය විසින් සිරුර සොයාගෙන ඇත.

අලුත් උපන් බිලින්දාගේ සිරුර ඇළ මාර්ගයට ගෙනවිත් දමන්නට ඇති බවට නොර්වුඩ් පොලිසිය සැකකරයි.

බිලින්දා බිහි කළ මව සොයා නොර්වුඩ් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණයක් ආරම්භ කර තිබේ.

Related posts

ජවිපෙ දෙකඩ වෙයි.. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 4ක් ඇතුළු පළුවක් ගැලවී ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද”

colombotoday

රනිල් අගමැති කරන්න TNA සහයෝගය හිමිවේ

colombotoday

සයිටම් ගැන ජනපතිගේ අවසන් තීරණය සඳුදා !

colombotoday

මුස්ලිම් වර්ල්ඩ් ලීගයෙන් ශ්‍රී ලංකා ජනපතිට ඩොලර් මිලියන 05ක පොල්ලක්

colombotoday

වැටලීමකට ගිය පොලිස් ජිප් රථයක් ප්‍ර්‍රපාතයට පෙරළේ…

Admin