Colombo Today Local News

ශ්‍රී ලංකන් ගුවන්යානා වලට ඉන්ධන සැපයීමේ නව කොන්ත්‍රාත්තුව

නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකන් ගුවන්යානා සඳහා ඉන්ධන සැපයීමේ වත්මන් කොන්ත්‍රාත්තුව වසර 2ක කාලයකට Associated Energy Group සමාගම වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අදාළ වත්මන් කොන්ත්‍රාත්තුව ලබන අගෝස්තු 31 වනදායින් අවසන් වීමට නියමිත අතර නව ගුවන්යානා ඉන්ධන සැපයුම්කරුවන් තෝරාගැනීම සඳහා සීමිත ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවනු ලැබීය.

ඒ සඳහා එක් ලංසුවක් ඉදිරිපත් වූ අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව එම ලංසුව යොමු කළ සමාගම වෙත ලබාදීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Related posts

කටුගස්තොට පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසියි

colombotoday

“සීමා ඉවත් කිරීම කොවිඩ් ඉවරයි කියන සහතිකය නොවෙයි.. බුද්ධිමත්ව කටයුතු කරන්න”

colombotoday

අභ්‍යන්තර ආරක්ෂාව ගැන සීරුවෙන් සිටින්න – මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලිසියට දැනුම්දීමක්

colombotoday

අනුර දිසානායකයේ අයර්ලන්තයේ නිවස ගැන තොරතුරු හෙළිවේ !

colombotoday

රතන සූත්‍රය දේශනා කිරීම ඉතාමත් වටිනවා !

colombotoday

අසාත් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධි චෝදනා. | නීතිපති දැනුම් දෙයි.

colombotoday