Colombo Today Local News

සේවා කිහිපයක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක්

සේවා කිහිපයක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සහ සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් එල්ල වීම වැළැක්වීම සඳහා එම පියවර ගත් බව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව, විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති.

එමෙන්ම රෝහල්වල, සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇතැයි ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Related posts

භූමිදානය අවශ්‍යනම් කලයුත්තේ පාරේ උද්ඝෝෂණ රංගන දැමීම හෝ අමාත්‍ය ධුර අවභාවිතා කරමින් වංගු ගැසීම නොවෙයි.

colombotoday

යතුරුපැදි ජාවාරමක සුල මුල හෙළිවෙයි. දෙදෙනෙක් වැල්ලවායේදී අත්අඩංගුවට

colombotoday

ඇෆලටොක්සීන් පිළිකාකාරක රත් කළාට ඉවත් වෙන්නේ නැ | ඉවත් වෙන ක්‍රමය මෙන්න.

colombotoday

වල් ඌරෙකුයි සිතා කළ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

පුදබිම අසල හෝටල් ඉදිකිරිම නවතනු – බොදු බල සේනාව මධ්‍යම පරිසර අධිකාරියට

colombotoday

සංහිඳියාවේ ක්‍රියාකාරී සැලැස්මට අදාළ නීති කෙටුම්පත් කිරීම් කඩිනම් කරන්නැයි,ජනපතිගෙන් උපදෙස්

Admin